Friday, May 6, 2016

නිවන!


















අපේ ගමේ පන්සලේ ප්‍රධාන දායිකාව, පෙරේරා නෝනා, හැමදාම හවසට බෝධිය වටේ මල් වලින් සරසලා හොඳ සද්දෙට ගාථා එහෙමත් කියල ප්‍රාර්ථනාවක් කරනවා.
"මේ පිංකම හේතුවෙන් මට නිවන් දකින්න ලැබේවා" කියල.

මේක ටික කාලයක් බලාගෙන හිටපු ඇබිත්ත කොලුවට දවසක් හිතුන පොඩි විහිළුවක් කරන්න ඕනය කියල. බෝධිය ගාව තියෙන වතුර කරාමෙට මුවා වෙලා පෙරේරා නෝනාගේ ප්‍රාර්ථනාව ඉවර වෙනකන් හිටපු කොලුවා කටහඬ ටිකක් ගොරෝසු කරල කිවුව "හොඳයි එහෙනං උපාසක අම්මා වැඳගන්න, නිවන් දකින්න කමටහනක් මම දෙන්නම්"

මේක ඇහුන විතරයි වටපිට බලපු පෙරේරා නෝනා හිතුව "මේ නම් බෝධියට අදිගෘහිත දෙවියන් වහන්සේ තමා, මගේ පිංකම් දැකල මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරල දෙන්න හිතිල මට කතා කරන්නේ"

දනි පනි ගාල නැගිට්ට උපාසක නෝනා තමන්ගේ ලට්ට ලොට්ට ටිකත් එකතු කර ගන්න ගමන්ම "අනේ දෙවියනේ, මට නම් දැන්ම නිවන් දකින්න බැහැ. ගෙදර දරුවොන්ගේ වැඩ ටිකක් තියෙනවා, ඒ ටිකත් ඉවර කරලම තමා ඒ ගැන හිතන්න වෙන්නේ" කියල කියාගෙනම අධිවේගයෙන් පන්සලේ ගේට්ටුව දිහාවට ගියා!

Thursday, March 26, 2015

වරද!

දුක බෙදා ගෙන එක් වෙලා
සිටිය මුත් බොහො ලං වෙලා
ගිහින් ඇත දුර කිසිත් නොදැනිම
කොහේ හෝ වරදක් වෙලා

අතීතයෙ රස සිහිවෙලා
කඳුළකින් නෙත තෙත් වෙලා
කියනු බැහැ ඒ වරද කාගෙද
නමුත් අද නුඹ තනිවෙලා

සිහිනයෙන් අද ඇහැරිලා
දෙනෙත් කඳුලින් තෙත් වෙලා
මෙයයි ලොව පොදු ධර්මතාවය
වලක්වනු බැහැ වැලපිලා

Friday, March 20, 2015

කුරුටු ගීය


මමත් යනව සීගිරියට

කුරුටු කවක් ලියල එන්න

කවුද එන්නෙ මාත් එක්ක

තමුන්ගේ නම කොටල එන්න

අවුලක් නැහැ මොනව උනත්

කට්ටිය ඇති බේර ගන්න

නොතේරුමට කරපු වැඩක්

ඇයි මෙච්චර කලබලයක්

එන පාරෙන් එක්ක එනව

ඉසුරුමුණියෙ පෙම්වතියත්

එපා ඉරිසියා කරන්න

ආදරේට කරපු වැඩක්...

Wednesday, January 14, 2015

A Boy Who Loved

Just like any other day I can remember, I stepped into the house and switched on the laptop, feeling miserable and hopeless.

But unlike any other day, there popped up a long waited message “You have one e-mail from Anusha”

After so many attempts to contact her, finally a reply has come. Is this my Anusha? Or just some girl out there?

My mind rushed through the series of events occurred during last fourteen months. How we first met and developed a liking to each other, how we used to share laughter and tears, the crazy things we did.

Why all that had to end? I’m still looking for an answer. When she said she no longer wanted to be a part of my life, I pleaded with all the might I had, to convince her to stay and share the future together.

But all that went unanswered. She went, and all the things I did to get in touch again was fruitless. I tried every possible way of contacting her. Tried calling but her phone was blocked, tried to reach her friends but they too seemed couldn’t hear, even tried sending a pigeon, It didn’t return!

So, in desperation, one day I decided to send an e-mail to everyone with the name “Anusha” hoping that my Anusha will see it, remember the wonderful past and feel my pain then return to me. From that day on, I had sent e-mails, one every two week, to all the Anushas out there with the story of our love. After so many months and so many e-mails, finally there is a reply.

With a shaking hand, a fast beating heart and a hoping mind, I opened the e-mail and settled down to read it.

“”
Dear Tushar,
I am very sad to hear your story, I really am, but I am a different Anusha from a different country.
It is only today that I had some time to check my e-mail after a long time and I came across your email. I also noted that you had been sending mails for few months.
You are such a sweet person and she must have been such an adorable person too.
You must have loved her so much and must have been afraid of losing her.
When someone is very valuable to you and when you are terrified of someone else grabbing her from you, it can come out as you being possessive.
Since everybody like to have their own freedom, eventually the one you love, can drift away from you if they feel that they are being restricted by you.
I know it is very difficult, but often we will have to let them decide what is best for them.
Trying too hard to convince them or force them could backfire badly.

So my dear Tushar,
Open up your world.
Not only the doors, but open the windows as well.
So there is more room for love and friendship in your life.
Be with your good friends, go to gym often and start doing the things you like... go on trips... get involved in community work and Never Ever give-in to boozing...!!!

Stop worrying.
I know it is extremely difficult, but the truth is, worrying will never bring you anything.
You are a very important person and a very capable person.
So start practicing that and helping others...
One day she might realize that you have changed and what she thought bad of you earlier is not there anymore....
Who knows, she might even come back to your life... 
If that happens, please remember to treat her nice.
Never take revenge for whatever the pain caused because of what happened in the past. 
Let the past be past... It is like a dream and you should never be trapped inside a dream!

And always remember, LOVE is a very powerful emotion.
You CAN always 100% forgive the one you truly love no matter what they did or how much it hurt you.
I hope and pray that you will find the true love in your life very soon.
I know you will.
So start preparing yourself for accepting that love, work towards that and become worthy of it... 
I wish you All the Best! 
Regards,
Anusha Ranasinghe
Sri Lanka.
“”
I don’t know the reason, but my heart feels much lighter now.

Tuesday, January 13, 2015

Life!!

Entrapped
Entangled
Endless
Desires

Undermined
Unrealized
Unlimited
Hopes

Intertwined
Inseparable
Invaluable
Feelings

Obvious
Obsolete
Obscure
Life!!

පළමු අත්දැකීම

“හෙලෝ මචං..... මටත් සීට් එකක් තියා ගනින්.... එන්න ටිකක් පරක්කු වෙයි....”
“හරි හරි.... ඉක්මනට වරෙන්, මගුලක් නොකර......”
‘පෝය දවසෙත් පන්ති යන්න වෙලානෙ! ඊටත් අකමැතිම විෂයට... ෆිසික්ස්... ශික්!!!’, තෑග්ගක් ලෙස මට හිමි වුනු Nokia 3310 දුරකථනය මේසය මත තබමින් කල්පනා කලෙමි. ‘පුස්සගෙන් අදත් ගුටි කන්න වෙයිද දන්නෙ නෑ! එක ගානක් හදාගන්න බැරි වුනානේ!!!’
“ඒ පසිඳු, කාඩ් එක ගෙන්න අමතක උනා බන්! යමංකො එලියට, පුස්සට කියලා අත්සනක් ගත්තනම් හරි”
“සර් තාම නෑ වගේ, එනකං ඉමු එලියට වෙලා”
පංතියෙන් එලියට පැමිනි අප ගුරුතුමා එන තෙක් සෙවනකට වී අවට සිරි නරඹමින් සිටියෙමු.
“අන්න බලහං, සිරා කෑල්ලක් යනවා” යහළුවා පෙන්වන දිශාවට ඔළුව හැරවූ මුත් කිසිදු විශේෂ දෙයක් දැක ගැනීමට නොහැකිවුයෙන් නැවතත් පෙර පරිදි අරමුණකින් තොරව වට පිට බලන්නට වීමි.
“දැක්කද?”
“මොකක්ද?”
“අර කෑල්ල බන්!!! අර ඉන්නේ... කෙල්ලෝ පහක් වට කරගෙන”
“කෝ?.... ම්ම්ම්.... සිරාවට... එකී නම් ලස්සනයි තමයි.... අන්න සර් අවා, ගිහින් ඕක අත්සන් කරගෙන වරෙන්, අරුන් ටික බැන බැන ඇති...”
***************************************************
දවස පුරාම පැවැත්වුනු පංතිය නිමා කොට කොහුවල දක්වා පා ගමනින් පැමින බසයකට ගොඩවූයේ ඉක්මනින් නිවස බලා යන අටියෙනි.
‘ම්ම්ම්... අර ටිකක් ඉස්සරහින් යන කෙල්ල සැරෙන් සැරේ මා දිහා බලනවා වගේ!!! කවුද දන්නෑ....
අඩේ.... අර උදේ දැක්ක කෙල්ල නේද මේ? මෙයා ඉන්නේ අපේ පැත්තේද? මාරයි නේ!!!’
බසයෙන් බහින අතර ඇය තවමත් සිටීදැයි විපිළිසර වූ මා දුටුවේ ඇයද මා දෙස විමසිලිමත් වන බවයි!
******************************************************
මාසයකට පසු,,,
“හලෝ මචං, ඉස්කෝලෙන් එලියට එන්න ටිකක් පරක්කු උනා, පන්තියට එනකොට පරක්කු වෙයි, දන්නවනේ අල්ලගන්න ඕන තැන?”
“හරි වරෙන්, කෙල්ලෝ සෙට් එක ඉන්න තැනට පිටිපස්සේ සීට් එක අපි අල්ලගෙන ඉන්නේ, තවම එන්ජල් නම් ආවේ නෑ හැබැයි”
“උඹලට ෂුවර් නේ උඹල ඉන්නේ හරි තැන කියලා?”
“ඔව් ඔව්, වර ඉක්මනට, මෙන්න එන්ජලුත් අවා. උඹේ නින්දට බෙහෙත. අදත් එහෙනම් උඹට නින්ද යන්නේ නැතිව ක්ලාස් එකේ ඉඳතහැකි!”

‘පාගල පලයන්කෝ’ මා සතුව තිබු හොඳම කමිසයේ නැමූ අත සාදමින් පාර දිගේ ගාටන බස් රථ රියදුරුට සිතින් බැන්නෙමි.