Entrapped
Entangled
Endless
Desires
Undermined
Unrealized
Unlimited
Hopes
Intertwined
Inseparable
Invaluable
Feelings
Obvious
Obsolete
Obscure
Life!!
Tuesday, January 13, 2015
පළමු අත්දැකීම
“හෙලෝ මචං..... මටත් සීට් එකක් තියා ගනින්.... එන්න ටිකක් පරක්කු වෙයි....”
“හරි හරි.... ඉක්මනට වරෙන්, මගුලක් නොකර......”
‘පෝය දවසෙත් පන්ති යන්න වෙලානෙ! ඊටත් අකමැතිම විෂයට... ෆිසික්ස්... ශික්!!!’, තෑග්ගක් ලෙස මට හිමි වුනු Nokia 3310 දුරකථනය මේසය මත තබමින් කල්පනා කලෙමි. ‘පුස්සගෙන් අදත් ගුටි කන්න වෙයිද දන්නෙ නෑ! එක ගානක් හදාගන්න බැරි වුනානේ!!!’
“ඒ පසිඳු, කාඩ් එක ගෙන්න අමතක උනා බන්! යමංකො එලියට, පුස්සට කියලා අත්සනක් ගත්තනම් හරි”
“සර් තාම නෑ වගේ, එනකං ඉමු එලියට වෙලා”
පංතියෙන් එලියට පැමිනි අප ගුරුතුමා එන තෙක් සෙවනකට වී අවට සිරි නරඹමින් සිටියෙමු.
“අන්න බලහං, සිරා කෑල්ලක් යනවා” යහළුවා පෙන්වන දිශාවට ඔළුව හැරවූ මුත් කිසිදු විශේෂ දෙයක් දැක ගැනීමට නොහැකිවුයෙන් නැවතත් පෙර පරිදි අරමුණකින් තොරව වට පිට බලන්නට වීමි.
“දැක්කද?”
“මොකක්ද?”
“අර කෑල්ල බන්!!! අර ඉන්නේ... කෙල්ලෝ පහක් වට කරගෙන”
“කෝ?.... ම්ම්ම්.... සිරාවට... එකී නම් ලස්සනයි තමයි.... අන්න සර් අවා, ගිහින් ඕක අත්සන් කරගෙන වරෙන්, අරුන් ටික බැන බැන ඇති...”
***************************************************
දවස පුරාම පැවැත්වුනු පංතිය නිමා කොට කොහුවල දක්වා පා ගමනින් පැමින බසයකට ගොඩවූයේ ඉක්මනින් නිවස බලා යන අටියෙනි.
‘ම්ම්ම්... අර ටිකක් ඉස්සරහින් යන කෙල්ල සැරෙන් සැරේ මා දිහා බලනවා වගේ!!! කවුද දන්නෑ....
අඩේ.... අර උදේ දැක්ක කෙල්ල නේද මේ? මෙයා ඉන්නේ අපේ පැත්තේද? මාරයි නේ!!!’
බසයෙන් බහින අතර ඇය තවමත් සිටීදැයි විපිළිසර වූ මා දුටුවේ ඇයද මා දෙස විමසිලිමත් වන බවයි!
******************************************************
මාසයකට පසු,,,
“හලෝ මචං, ඉස්කෝලෙන් එලියට එන්න ටිකක් පරක්කු උනා, පන්තියට එනකොට පරක්කු වෙයි, දන්නවනේ අල්ලගන්න ඕන තැන?”
“හරි වරෙන්, කෙල්ලෝ සෙට් එක ඉන්න තැනට පිටිපස්සේ සීට් එක අපි අල්ලගෙන ඉන්නේ, තවම එන්ජල් නම් ආවේ නෑ හැබැයි”
“උඹලට ෂුවර් නේ උඹල ඉන්නේ හරි තැන කියලා?”
“ඔව් ඔව්, වර ඉක්මනට, මෙන්න එන්ජලුත් අවා. උඹේ නින්දට බෙහෙත. අදත් එහෙනම් උඹට නින්ද යන්නේ නැතිව ක්ලාස් එකේ ඉඳතහැකි!”
‘පාගල පලයන්කෝ’ මා සතුව තිබු හොඳම කමිසයේ නැමූ අත සාදමින් පාර දිගේ ගාටන බස් රථ රියදුරුට සිතින් බැන්නෙමි.

Subscribe to:
Posts (Atom)