අපේ ගමේ පන්සලේ ප්‍රධාන දායිකාව, පෙරේරා නෝනා, හැමදාම හවසට බෝධිය වටේ මල් වලින් සරසලා හොඳ සද්දෙට ගාථා එහෙමත් කියල ප්‍රාර්ථනාවක් කරනවා.
"මේ පිංකම හේතුවෙන් මට නිවන් දකින්න ලැබේවා" කියල.
මේක ටික කාලයක් බලාගෙන හිටපු ඇබිත්ත කොලුවට දවසක් හිතුන පොඩි විහිළුවක් කරන්න ඕනය කියල. බෝධිය ගාව තියෙන වතුර කරාමෙට මුවා වෙලා පෙරේරා නෝනාගේ ප්‍රාර්ථනාව ඉවර වෙනකන් හිටපු කොලුවා කටහඬ ටිකක් ගොරෝසු කරල කිවුව "හොඳයි එහෙනං උපාසක අම්මා වැඳගන්න, නිවන් දකින්න කමටහනක් මම දෙන්නම්"
මේක ඇහුන විතරයි වටපිට බලපු පෙරේරා නෝනා හිතුව "මේ නම් බෝධියට අදිගෘහිත දෙවියන් වහන්සේ තමා, මගේ පිංකම් දැකල මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරල දෙන්න හිතිල මට කතා කරන්නේ"

දනි පනි ගාල නැගිට්ට උපාසක නෝනා තමන්ගේ ලට්ට ලොට්ට ටිකත් එකතු කර ගන්න ගමන්ම "අනේ දෙවියනේ, මට නම් දැන්ම නිවන් දකින්න බැහැ. ගෙදර දරුවොන්ගේ වැඩ ටිකක් තියෙනවා, ඒ ටිකත් ඉවර කරලම තමා ඒ ගැන හිතන්න වෙන්නේ" කියල කියාගෙනම අධිවේගයෙන් පන්සලේ ගේට්ටුව දිහාවට ගියා!
No comments:
Post a Comment
ඔබේ වටිනා අදහස් මෙහි පලකරන්න