Thursday, March 26, 2015

වරද!

දුක බෙදා ගෙන එක් වෙලා
සිටිය මුත් බොහො ලං වෙලා
ගිහින් ඇත දුර කිසිත් නොදැනිම
කොහේ හෝ වරදක් වෙලා

අතීතයෙ රස සිහිවෙලා
කඳුළකින් නෙත තෙත් වෙලා
කියනු බැහැ ඒ වරද කාගෙද
නමුත් අද නුඹ තනිවෙලා

සිහිනයෙන් අද ඇහැරිලා
දෙනෙත් කඳුලින් තෙත් වෙලා
මෙයයි ලොව පොදු ධර්මතාවය
වලක්වනු බැහැ වැලපිලා

Friday, March 20, 2015

කුරුටු ගීය


මමත් යනව සීගිරියට

කුරුටු කවක් ලියල එන්න

කවුද එන්නෙ මාත් එක්ක

තමුන්ගේ නම කොටල එන්න

අවුලක් නැහැ මොනව උනත්

කට්ටිය ඇති බේර ගන්න

නොතේරුමට කරපු වැඩක්

ඇයි මෙච්චර කලබලයක්

එන පාරෙන් එක්ක එනව

ඉසුරුමුණියෙ පෙම්වතියත්

එපා ඉරිසියා කරන්න

ආදරේට කරපු වැඩක්...